Early Man (2018) | [සිංහල හඩකැවූ] | Sinhala Dubbed Movie
2018 වසරේ ජනවාරි 26 නිකුත් වුණු Early Man බ්‍රිතාන්‍ය නැවතුම්-චලන (Stop-Motion) සජීවිකරණ වර්ගයේ ඓතිහාසික ක්‍රීඩාමය ප්‍රහසන චිත්‍රපටයක්. Mark Burton සහ James Higginson විසින් රචිත පිටපතකට අනුව මෙය අධ්‍යක්ෂණය කළේ Nick Park විසින්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 6.3/10ක අගයක් ලබාගත් මේ චිත්‍රපටය මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 50කට ආසන්න ආදායමක් ඉපයීමට සමත් ව තිබෙනවා. එමෙන්ම මේ චිත්‍රපටය විචාරකයන්ගේ ධනාත්මක ප්‍රතිචාර වලට ද ලක්වුණා.
චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් මේ කතාව ප්රාග් ඓතිහාසික යුගයෙන් තමා පටන් ගන්නේ. ඒ කාලේ පොළවට කඩාවැටුණු උල්කාපාතයක් නිසා ඒ කාලේ හිටි ඩයිනොසොරස්ලා මියගියාට එක්තරා නිම්නයක ජිවත් වුණු ලෙන් මිනිස්සු කොට්ඨාශයක් ඉතිරිවෙනවා. අර පොළව දෙදරවාගෙන කඩාපාත් වුණු උල්කාපාතයෙන් ආසන්න වශයෙන් ගෝලාකාර වස්තුවක් මේ අය දකිනවා. අල්ලන්නවත් බැරී තරම් රස්නෙට තිබුණු මේ ගෝලයට එයාලා පයින් ගහ ගහ සෙල්ලම් කරනවා. මේ විධියට තමයි මේ ෆිලුමේ හැටියට පාපන්දු එහෙම නැත්නම් ෆුට්බෝල් ක්‍රීඩාව හොයාගන්නේ ! ඊට වසර ගණනාවකට පස්සේ ගල් යුගයේදී අර ජනවර්ගයෙන් ඉතුරු වුණු මිනිස්සු හාවෝ දඩයම් කරගෙන කාලා ඔහේ ජිවත් වෙලා ඉන්නවා. මේ අයට මේ වෙද්දී පාපන්දු ගැන මෙලෝ අලබෝලයක් දන්නේ නැහැ. මේ අතරේ හිටපු ඩග් කියන තරුණයාට අවශ්‍ය වෙනවා හැමදාම කන හාවෝ දඩයම් කරනවා වෙනුවට මේ අය ලොකු මැමත්ලා දඩයම් කරන්න ඕනෙ කියල, ඒත් ගමේ නායකයා ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ කාලයේම නූත් උතුමාණන් විසින් පාලනය කරන ලෝකඩ යුගයේ නගරයකුත් නිම්නය අසළ තියෙනවා. දවසක් එයාලා ගල් යුගයේ මිනිස්සු ඉන්න භූමියට කඩා වදින්නේ දැන් ගල් යුගය අවසන් වෙලා කියමින්. මෙතැනදී ඩග් සතුරන් එක්ක සටන් වැදුණත් ඔහුව ලෝකඩයන්ගේ වාහනයකට ඇදවැටිලා නොදැනුවත්වම ඔහු ලෝකඩයන්ගේ නගරයට යනවා. එහෙන් පැනලා යන්න හදනකොට අහම්බෙන් එයා එන්නෙ ලෝකඩන්ගේ පාපන්දු තරඟයක් මැදට.මෙතැනදී ඩග් නූත්ට අභියෝග කරනවා තමන්ගේ ගම එක්ක පාපන්දු තරඟයකට එන ලෙස. එයින් තමන්ගේ ගම දින්නොත් නිම්නය ලෙන් වැසියන්ටම දීලා ලෝකඩයෝ යන බවට ඔහු නුත්ව එකඟ කරව ගන්නවා. පාපන්දු ක්‍රීඩාව ගැන මෙලෝ අලබෝලයක් දන්නේ නැති ගමේ අයගේ කණ්ඩායම ලෝක පාපන්දු ශුර ලෝකඩ ක්‍රීඩකයෝ එක්ක හැප්පෙන තරඟයෙන් දිනන්නේ කවුද? චිත්‍රපටය බලලාම ඒ ගැන දැනගන්න. අන්තිමේ ලෙන්වැසියන්ට නූත්ගේ ලෝකඩ පතලේ වහල් සේවයට යන්න වෙයි ද? නැත්නම් නිම්නය දිනාගන්න පුළුවන් වෙයි ද? පාපන්දු ක්‍රීඩාවට ඇලුම් කරන අය මේකටත් කැමති වෙයි කියල හිතනවා එහෙම නැති අයටත් බලන්න පුළුවන් මේක ඉතාම රසවත් චිත්‍රපටයක්...✨
📢 ADVERTISEMENTS
Explore by Category
