The Jungle Book (2016) with Sinhala dubbed| මෝග්ලි නම් වෘක දරුවා [සිංහල හඩකැවූ]
මෝග්ලි කියන්නෙ සීඔනී කියන කැලෑ ප්රදේශයේ ඉන්න ඉන්දියානු වෘක රංචුවක හැදී වැඩෙන මිනිස් දරුවෙක්. පොඩි කාලෙදි ෂෙයා ඛාන් කියන ව්යාඝ්රයා කැළේ මැදදි මෙයාගෙ තාත්තාව මරලා දානවා. ඉතින් මේ මෝග්ලි කැලේ තනිවෙනවා. ඊට පස්සෙ මෙයාව භගීරා කියන කළු දිවියට හම්බවෙනවා. එයා මෝග්ලිගෙ ආරක්ෂාවට එයාව අකීලා නම් වෘකයාගෙ නායකත්වයෙන් යුක්ත වෘක කණ්ඩායමකට භාර දෙනවා. එතන ඉඳන් මෙයා ඒ වෘකයන් අතරෙ තමා හැදී වැඩෙන්නේ. නමුත් ෂෙයා ඛාන් මෙයාගෙ තාත්තව මරපු රෑ ෂෙයා ඛාන් හා මෝග්ලිගෙ තාත්තා අතර වෙච්ච සටනෙන් ෂෙයා ඛාන්ට එයාගෙ වම් ඇහැ අහිමි වෙනවා. ගින්දර හෙවත් රප්ත පුෂ්පය නිසා. මෙයා මේකෙ පළිය ගන්න මෝග්ලි පස්සෙ පන්නනවා. මෙයාට බේරෙන්න තියෙන එකම ක්රමය මෙයාව ආපහු මිනිස් ගමට යවන එකයි කියලා වෘක කණ්ඩායම තීරණය කරනවා. මේ ගමනෙදි මෙයාට තවත් හුඟක් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මොනවද කියලා සිනමාපටය බලලා ඔයාලම හොයාගන්න
📢 ADVERTISEMENTS
Explore by Category
