Toy Story (1995) | ඇන්ඩිගේ සෙල්ලම්බඩු. [සිංහල හඩකැවූ] |Sinhala dubbed movie
මේකෙ කතාව ගෙතෙන්නෙ ඇන්ඩිගේ කියන ළමයට තියෙන සෙල්ලම්බඩු වටා. මේ සෙල්ලම්බඩුවලට පණ තියෙනවා. මේ සෙල්ලම්බඩුවලට තියෙන පළවෙනි නීතිය තමයි මිනිස්සුන්ට පේන්න වැඩකරන්න බෑ කියන එක. ඉතින් මිනිස්සු නැති වෙලාවට මේ සෙල්ලම්බඩු කරන දේවල් තමයි මේකෙ තියෙන්නේ.
ඇන්ඩිගේ සෙල්ලම්බඩුවල නායකයා තමයි වූඩි කියන ෂෙරිෆ් සෙල්ලම්බඩුව. එයා තමයි ඇන්ඩිගේ ප්රියතම සෙල්ලම්බඩුව. මේ පාර ඇන්ඩිගේ උපන්දිනයට හමුවෙන තෑගී අතරේ ඉන්නවා බස්(z) ලයිට්ඉයර් කියන සෙල්ලම්බඩුව. එක ගගනගාමියෙක්. මේ බස්(z) හිතන් ඉන්නේ එයා ඇත්තටම විශ්ව ආරක්ෂකයෙක් කියලා. වූඩි කොච්චර එයාට කිව්වත් අහන්නේ නෑ. ඒ අතරේ බස්(z) ඇන්ඩිගේ ප්රියතම සෙල්ලම්බඩුව වෙනවා. මේකට වූඩි හොඳටම තරහ ගන්නවා. මේ තරහ නිසාම එක වෙලාවක බස්(z) ජනේලයෙන් වැටෙනවා. මේකට අනිත් සෙල්ලම්බඩු වූඩිට චෝදනා කරලා එයාව එල්ලන්න යද්දී යන්තම් එතනින් බේරෙන වූඩිට ඇන්ඩි එක්ක අවන්හලකට යද්දී මගදී ආපහු බස්(z)ව හමුවෙනවා. මෙතන ඉඳන් එයාලගේ ජීවිතය වෙනස් කරන ගමනක් පටන් ගන්නවා.
වූඩිටයි බස්(z)ටයි මොකක්ද වෙන්නේ, බස්(z) තමන් සෙල්ලම්බඩුවක් විතරයි කියල ඉගෙන ගනීවිද, මේ දෙන්නට මුහුණ දෙන්න වෙන මාරක අභියෝග මොනවද, මේ වගේ අතිශය ලස්සනාට් මේ කතාව ගලා යනවා. ඔයාලත් මේක බලලම ඇන්ඩිගේ සෙල්ලම්බඩුවලට වෙන්නේ මොනවද කියල බලාගන්න.
📢 ADVERTISEMENTS
Explore by Category
