Ron’s Gone Wrong (2021) Sinhala dubbed | මගේ යාළු රොන් [සිංහල හඩකැවූ]
Ron’s Gone Wrong චිත්‍රපටියේ ලෝක මංගල දර්ශනය 2021 BFI ලන්ඩන් චිත්‍රපට උළෙලේ 2021 ඔක්තෝම්බර් 9 වන දින පැවැත්වූ අතර, 2021 ඔක්තෝබර් 15 දින එක්සත් රාජධානියේ සහ 2021 ඔක්තෝම්බර් 22 දින එක්සත් ජනපදයේ සීමිත 3D නිකුතුවකින් තිරගත වුණා. ඒ AMC සහ Regal සිනමාහල්වල සහ මුලින් RealD 3D වලින්. මේ චිත්‍රපටය මුලින් Paramount Animation ලේබලය යටතේ Paramount Pictures විසින් බෙදා හැරීමට නියමිතව තිබුනත්, නමුත් ඒ වෙනුවට 20th Century Studios විසින් 20th Century Animation ලේබලය යටතේ බෙදාහැරලා. Ron’s Gone Wrong කියන්නේ 20th Century Animation හි 2021 අප්‍රේල් 10 වන දින Blue Sky Studios වැහුවට පස්සේ සිනමාහල්වල නිකුත් කරන ලද ප්‍රථම සජීවිකරණ චිත්‍රපටය මෙන්ම 20th Century Studios නාමය යටතේ තිරගත කරපු මුල්ම සජීවිකරණ චිත්‍රපටය. චිත්‍රපටය ලොව පුරා ඩොලර් මිලියන 60.4ක් උපයා ඇති අතර සාමාන්‍යයෙන් විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබීලා තියෙනවා.
බබල් සමාගම එයාලාගේ අළුත් නිර්මාණයක් එලි දක්වනවා B-bot කියලා. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියක් තියෙන රොබෝවෙක්. ඒ රොබෝවට පුළුවන් අයිතිකාරයාගේ හැම දත්තක්ම වගේම කැමති අකමැති දේවල් සමාජ මාධ්‍ය ජාලා හරහා ලබාගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න. බබල් සමාගමේ CEO වන Marc Wydell මේ B-bot නිපදවන්නේ අළුත් යාළුවන් සොයාගන්න අරමුණෙන්. ඒත් එක B-bot කෙනෙක් බාර්නි කියන පුංචි පිරිමි ළමයට උපන් දිනේට තාත්තා ගෙනල්ලා දෙනවා, ඒ B-bot බබල් ජාලය හා සම්බන්ධ වෙන්න බැරි අලුත ඉපදුන බබෙක් වගේ රොබෝවෙක්. ඒ තමයි රොන්. ඉතින් ඒ නිසා රොන්ට ගොඩාක් දේවල් අළුතෙන් ඉගෙන ගන්න වෙනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක රොබෝ යාළුවෙක් හම්බවෙන බාර්නිගෙයි රොන්ගෙනුයි මිත්‍රත්වය ගැන තමයි මේ චිත්‍රපටිය පුරා දිව යන්නේ.
එහෙනම් හැමෝම බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටිය බලන ගමන් ඔයාලගේ අදහස් එහෙම තියෙනව නම් comment කරන්න.
🕵️ Upload By: Nadeen Poorna (admin)
Sinhala dubbed,sinhala movies,කාටූන්,dinka,dinkamovieslk,සිංහල_කාටුන්,Dinka_animations_sinhala
📢 ADVERTISEMENTS
Explore by Category
