The Boss Baby (2017) Sinhala dubbed | අයියා බබයි මල්ලි බබයි [සිංහල හඩකැවූ ]
මේ කථාව ඇත්තටම ගොඩක් අයට හාස්‍යජනක නිර්මාණයක්, පියවි ලෝකයෙන් එහා ගිය නිර්මාණයක් කියල හිතෙන්න පුළුවනි. ඒත් කථාව අවධානයෙන් බලන කෙනෙක්ට මේ කථාවෙන් ජීවිතයට ගන්න පුළුවන් හුඟක් දේවල් අන්තර්ගතවෙලා තියෙනවා. ලමයින් පාදක කරගත්තත් මේ කථාව ඇත්තටම අපිට ලොකු පාඩම් කීපයක් කියල දෙනවා. පොඩි උදව්වක් විදිහට කීපයක් ගත්තොත්.. මාර්ග නීති පිලිපැදීම, දිරිය අවශ්‍ය අයව දිරිගැන්වීම, උත්සාහයෙන් ජය ලැබීම, සහෝදර ප්‍රේමය වගේ තව ගොඩාක් දේ අන්තර්ගතයි මේ නිර්මාණයේ.
මේ කථාවෙ ප්‍රධාන චරිත තමා අය්ය මලෝ දෙන්නා. අය්යා තමා ටිම් කියන වයස අවුරුදු හතක.. නෑ.. හතාමාරක ලමයා.. එයා තමා වැඩිහිටියෙක් විදිහට ඉඳගෙන කථාව අපිට කියාගෙන යන්නේ. එයයි අම්මයි තාත්තයි විතරක් සතුටින් ඉන්න පවුලට එකපාරම මල්ලි කෙනෙක් පාත් වෙනවා. මල්ලි බබා පාත් උණාට පස්සෙ එයාට කලින් වගේ අම්ම තාත්ත එක්ක ඉන්න කාලය නැතිවෙනවා. මේකට අය්යා මල්ලි එක්ක කේන්තියෙන් ඉන්නෙ. ඔහොම ඉද්දි මේ අය්යට මල්ලිගෙ අමුත්තක් පේනවා. බබෙක් උණාට මල්ලි සාමාන්‍ය බබෙක් නෙවෙයි කියල එයා දැනගන්නවා. ඊට පස්සෙ ඉතිං….. එක්කො ඔයාල බලලම දැනගන්න.
කථාව නං කියන්න බෑ මෙහෙම. හුඟක් රසවත්. හුඟක් දේවල් තියෙනවා. කාලය මදි මේ හැමදේටම. දැන් නං ඇඟිලි ටික නෑ වගේ හැඟීමක් දැනෙන්නෙ ටයිප් කරලම. කී බෝඩ් එකේ අවුලක් නිසා සමහර කී උඩ පැන පැන ඔබන්න වෙලා. පසුපරික්ෂාවෙදි හමුනොවුණු ඉස්පිලි පාපිලි අකුරු මදිකම් තියෙන්න පුළුවන් ඒ නිසා. ඒවත් ගණන්ගන්න එපා. කට්ටියට ආසහිතෙන විදිහට මම උපරිමයෙන් චිත්‍රපටියට සාධාරණයක් කලා කියල හිතනවා. එහෙනං තවත් සුපිරි නිර්මාණයකින් නැවත හමුවෙනකං ඔක්කොලාටම ජය!
