Venom (2018) Sinhala Dubbed | දෙදෙනෙකුගේ එක්වීම [සිංහල හඩකැවූ] | dinkamovieslk
මෙය කුඩා ළමුන් සදහා නුසුදුසු වේ!
තවත් බොහොමයක් නළු/නිලි කොට්ටාශයක් මේ සදහා තමන්ගේ සේවය ඉටු කරලා තියෙනවා.
ඔයාලා දන්නවද දන්නේ නැහැ වෙනම් චිත්රපටය නිකුත් වෙන්නත් කලින්ම ලොව පුරා හිටිය ප්රේක්ෂකයින් සෝනි සමාගමට දොස් කියන්න ගත්තා ස්පයිඩි නැති, කොටින්ම ස්පයිඩිගෙ ලොගෝ එකවත් පපුවේ හෝ පිටේවත් නැති වෙනම් කෙනෙක් ගෙන්නලා මොන විකාරයක්ද කරන්න හදන්නේ කියලා. මං හිතන්නේ ඒ විදිහට අනංමනං කියපු බොහෝ දෙනෙක්ගෙ දැන් කටවල් වැහෙන තැනට මේ චිත්රපටය නැරඹු ආදරණිය ප්රේක්ෂකයන් ඔප්පු කරලා හමාරයි. ඒ මොකද කියනවනම්, ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වගේ පුංචි මුදලක් යොදලා නිර්මාණය කරපු වෙනම් චිත්රපටය 2018 ඔක්තෝම්බර් 4″වැනිදා පෘතුගාලයේ තිරගත වීම ආරම්භ කරලා පළමු සතිඅන්තය තුල ඇමරිකානු ඩොලර් 80+ ගණනක් හොයාගෙන මේ වෙද්දී Justice League (2017) වගේම Guardians of the Galaxy (2014) චිත්රපටයටවත් උඩට එන්න නොදී තමන්ගේ තැන රැකගෙන හිටිය Star Wars (1977) චිත්රපටයේද ආදායම් වාර්තා කඩමින් අද දිනට (2018 නොවැම්බර් 11) ඇමරිකානු ඩොලර් මිලියන 780 ක බොක්ස් ඔෆිස් අගයක් ලබා ගනිමින්,
- එදාමෙදා තුල වැඩිම ආදායමක් ලැබූ හොදම චිත්රපට 100 අතරේ 84 වැනි ස්ථානය ලබාගන්න හැකියාව ලැබිලා තියෙනවා. වෙනම් චිත්රපටයට උඩින් තියෙන Deadpool (2016), Spider-Man (2004) චිත්රපට වලත් ආදායම් වාර්තා වෙනම් චිත්රපටය තුලින් කඩා දමන්න හැකියාව ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
- එදාමෙදා තුල ලොව පුරාම තිරගත වූ සුපර් හීරෝ චිත්රපට දර්ශකය තුල 26’වැනි තැන ලබාගන්න වෙනම් චිත්රපටය හිමි කරගෙන තියෙනවා. තවමත් තිරගත වීම වෙන නිසා මේ ස්ථානය වෙනස් වෙන්න පුලුවන්.
- චීනයේ මෙතෙක් වැඩිම ඉපැයීමක් කල සුපර්හීරෝ චිත්රපට අතරේ තෙවන තැන ලබාගන්න Venom (2018) චිත්රපටය සමත්වෙලා තියෙනවා. මුල් තැන හා දෙවැනි තැන පිළිවෙලින් තාමත් රැකගෙන ඉන්නේ Avengers: Age of Ultron (2015) හා Avengers: Infinity War (2018) චිත්රපට දෙකයි.
