Extraction (2020) Sinhala Dubbed | බිහිසුණු මුදවාගැනීමේ මෙහෙයුම [සිංහල හඩකැවූ]
හොඳම මට්ටමේ හයි බජට් ෆිල්ම් එකක් රිලීස් වෙච්ච කාලයක් මතක නෑ නේද? ඔව්, කවුරුත් නොහිතපු විදියට එක සැරේම මාරාන්තික වෛරසයකින් මුළු ලෝකෙම වෙලාගත්තා. ලක්ෂයකට අධික මිනිස් ජීවිත සංඛාවක් මේ වෙද්දි අහිමි වෙලා තියෙනවා. ඉතිං, ඒ අස්සෙ මොන චිත්රපටිද නේද? බොහෝමයක් චිත්‍රපටි කල් යන්න ගත්තා. මිනිස්සු ගෙවල් වලට කොටුවෙලා ඉන්දෙද්දි, සිනමා ශලා වහලා තියෙද්දි, අළුතින් ෆිල්ම් රිලීස් කරලා කාට පෙන්නන්නද නේද? හැබැයි ඉතිං, සිනමාලෝලීන් විදියට හොඳ හයි බජට් ෆිල්ම් එකක් බලන්නෙ නැතුව නිකං මොකක්ද මොකක්ද වගේ නේද? අන්න ඒ අය වෙනුවෙන් තමයි මේ වෙලාවෙ නෙට්ෆ්ලික්ස්ලා ඉදිරිපත් වෙන්නෙ. හයි බජට් ෆිල්ම් එකක් වෙනුවෙන් දත කට මැදගෙන ඉඳපු අය වෙනුවෙන් මේක ඉඩෝරයට වැටුණු දිය පොදක් නෙමෙයි, ඉඩෝරයට වැටුණු ගං වතුරක් වගේ වේවි. මේක ගොඩක් විශේෂයි. ඒ වගේම, ගොඩක් වෙනස්ම වැඩක්. ඒ ඇයි කියලා මුලින්ම බලමු.
ඉන්දීය අර්ධද්වීපයේ කුඩු මාෆියාවෙ රජුගේ පුතණුවන් පැහැරගන්නා බංග්ලාදේශ කුඩු මාෆියාවෙ රජු…
රටවල් දෙකක මත්ද්‍රව්‍ය කෙරුම්කරුවන්ගේ යුද්ධයකට පැටළුණු, පැහැරගැනීමට ලක්වූ පාසල් ශිෂ්‍යයෙක්…
එම ශිෂ්‍යයා මුදවා ගැනීමට මාරාන්තික යුද්ධයක නිතරවන කුළී සොල්දාදුවෙක්…
ඔවුන් පසුපස හඹා එන්නාවූ ඉන්දීය විශේෂ කාර්ය බලකායේ හිටපු සෙබලෙකු…
මේ සියල්ලන්ගේම ඉරණම කුමන ආකාරයෙන් විසඳේවිද?
පුරා හෝරා දෙකක් මුළුල්ලේ නොනවතින, දැවැන්ත ක්‍රියාදාම සමුදායකින් සමගින් අවසරයි ඔබ වෙනුවෙන් ගෙනහැර පෑමට මෙම සිනමා සිත්තම…!

🍿Extraction (2020) Sinhala Dubbed | බිහිසුණු මුදවාගැනීමේ මෙහෙයුම [සිංහල හඩකැවූ]
📢 ADVERTISEMENTS
Explore by Category