Mulan (2020) Sinhala Dubbed |ගෞරවය වෙනුවෙන් රණබිමට| සිංහල හඩකැවූ
(Mulan Sinhala dub) 2020 වසරෙ ලොවපුරා සිනමාශාලාවල තිරගත කරන්න බලාපොරොත්තු පොදි බැඳගෙන හිටියත් ඒ හැම බලාපොරොත්තුවක්ම එකම එක වෛරසයක් නිසා බොඳවෙලා යනවා. Disney සමාගම 2020 වසරේ Avatar, Infinite war, Endgame මට්ටමේ සිනමා අත්දැකීමක් ප්රේක්ෂකයට ලබාදීමේ බලාපොරොත්තුවෙන් තමයි මිලියන 200 ක සුවිසල් පිරිවැයක් දරලා Mulan 2020 චිත්රපටිය නිර්මාණය කරේ.මේ චිත්රපටිය නිර්මාණය වෙන්නෙ 1998 animation චිත්රපටියක් විදිහට නිර්මාණය වුණු Mulan චිත්රපටියත් මේ පුරාවෘත්තයත් පදනම් කරගෙන.
Disney සමාගම නිෂ්පාදනය කරපු Mulan චිත්රපටියෙ නිෂ්පාදන වියදම ඇමරිකානු ඩොලර් 200 කට ආසන්නයි. ජේම්ස් කැමරන්ගෙ Avatar චිත්රපටියට ආසන්න පිරිවැයක් දරමින් නිර්මාණය කරපු දැවැන්ත සිනමා නිර්මාණයක් තමයි අද ඔය හැමෝම බලන්න යන්නෙ. මේ නිෂ්පාදන වියදම Avengers Infinite war වගේම Endgame හී නිෂ්පාදන වියදමටත් ඉතාම ආසන්නයි. ඇමරිකාවෙ, චීනයේ වගේම යුරෝපා රටවලත් 2020 මාර්තු මාසෙ ඉඳන් මේ චිත්රපටිය තිරගත කරන්න හැමදෙයක්ම සූදානම් කරලයි තිබුණෙ. කොහොම උනත් ප්රේක්ෂකයො විශාල ප්රමාණයක් මේ චිත්රපටිය සිනමාශාලාවල නරඹන්න සැදී පැහැදී හිටියා කියන එක කවුරුත් දන්න දෙයක්.
Sinhala dubbed,sinhala movies,කාටූන්,dinka,dinkamovieslk,සිංහල_කාටුන්,Dinka_animations_sinhala
📢 ADVERTISEMENTS
Explore by Category
