Titanic (1997) | මහ සයුරේ ආදර අන්දරය [සිංහල හඩකැවූ] Sinhala dubbed
IMDb දර්ශකයේ මනාප මිලියන 1.3කට අධික ප්‍රමාණයක් ලබාගනිමින් 7.9/10ක අගයක් ලබාගන්නට ටයිටැනික් චිත්‍රපටයට හැකි වුණා. ඔස්කා සම්මාන 14කට නිර්දේශ වී ඉන් 11ක් දිනාගන්නට ටයිටනික් සිනමාපටය සමත් වෙනවා. ඔස්කා සම්මාන වලට අමතරව වෙනත් විවිධ සම්මාන උළෙලවලදී විවිධ සම්මාන 162කට නිර්දේශ වී එයින් 111ක් ලබාගන්නට සමත් වුණු බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා. ටයිටැනික් සිනමාපටයේ වාණිජ සාර්ථකත්වය ගැන සඳහන් නොකරම බැහැ. 1997 නොවැම්බර් 01 වැනිදා මුල්වරට තිරගත කෙරුණු ටයිටැනික් Jurassic Park (1993) චිත්‍රපටය අබිභවමින් ලොව වැඩිම ආදායමක් ලද සිනමාපටය බවට පත් වුණා.1998 මාර්තු 01 වැනිදා වනවිට එය ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ආදායමක් ලද පළමු සිනමා පටය බවට පත් වුණා. ලොව වැඩිම ආදායමක් ලද සිනමාපටය ලෙස වසර 12ක් අඛණ්ඩව තබා සිටි වාර්තාව කැමරාන්ගේම Avatar චිත්‍රපටය මඟින් 2009 දී බිඳ හෙලනු ලැබුවා. එමෙන්ම ටයිටැනික් ඛේදවාචකයෙන් සියවසකට පසුව, 2012 අප්‍රේල් මස යළි නිකුත් කෙරුණු 3D සංස්කරණයෙන් ටයිටැනික් ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවූ දෙවැනි චිත්‍රපටය බවට පත් වුණා. අනතුරුව සිනමාපටයේ 20 වන සංවත්සරය වෙනුවෙන් 2017දී නිකුත් කෙරුණු Dolby Vision සංස්කරණය සහ 2023දී 25 වන සංවත්සරය වෙනුවෙන් කළ 4K නිකුත් කිරීමෙන් ද අනතුරුව ඇමරිකානු ඩොලර් බිලියන 2.257ක සම්පූර්ණ ආදායමක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.
🕵️Upload by : Nadeen Poorna (admin)
Sinhala dubbed,sinhala movies,කාටූන්,dinka,dinkamovieslk,සිංහල_කාටුන්,Dinka_animations_sinhala
📢 ADVERTISEMENTS
Explore by Category
