බිම්බා දේවී හෙවත් යශෝධරා | සිංහල චිත්‍රපටය - Bimbadevi hewath yashodara
බිම්බා දේවී හෙවත් යශෝධරා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉදිරියේ දී තිරගත වීමට නියමිත සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි.[1] සිංහල-භාෂා චරිතාපදාන චිත්‍රපටයක් වන මෙය සඳහා පාදක වී ඇත්තේ සිද්ධාර්ථ කුමරුන්ගේ පතිනිය වූ යශෝධරා දේවියගේ කථා පුවතයි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ඉන්දියානු නළු නිළියන් දෙපළක වන පල්ලවී සුභාෂ් සහ අර්පිත් චෞධරි විසිනි. (මෙය පල්ලවී සුභාෂ්ගේ චිත්‍රපට වෘත්තියේ සිංහල-භාෂා ප්‍රවිෂ්ඨයයි) මෙහි සෙසු චරිත දිනෙත් ද සිල්වා, සංගීතා තෙදානි, අජිත් වීරසිංහ, උදාරි පෙරේරා, හේෂාන් මනුල සහ කමල් දේශප්‍රිය ඇතුළු නළු නිළියන් පිරිසක් විසිනි.[2] මෙය අධ්‍යක්ෂණය කරන්නේ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි.[1]
මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ය.[2] වෙසක් උළෙල හා සමගාමීව 2018 අප්‍රේල් 26 දින මෙම චිත්‍රපටය මුදාහැරීමට නියමිත ය.[3]
Sinhala dubbed,sinhala movies,කාටූන්,dinka,dinkamovieslk,සිංහල_කාටුන්,Dinka_animations_sinhala
📢 ADVERTISEMENTS
Explore by Category
