Ben 10 Classic (2005) - පොඩිකාලේ සිංහල හඩකැවූ -All Episodes
BEN 10 කියන නම ඇහුවම නොදන්න කෙනෙක් නැහැනෙ. ලෝකය පුරාම අතිශය ජනප්‍රියත්වය පත් වුණ පෙරලිකාර කාටූන් සීරීස් එකක් කිව්වොත් මං හිතන්නෙ මං නිවැරදියි. 2005 වසරේ දෙසැම්බර් 27 වෙනිදා Cartoon Network නාළිකාවෙන් තමයි Ben 10 විකාශය වෙන්න පටන් ගන්නෙ. Ben 10 සම්පූර්ණ සීරීස් එක ගත්තොත් මේ වෙනකොට කතාමාලා වගේම චිත්‍රපටත් විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. Ben 10 Classic සීරීස් එක රිලීස් වෙලා මේ දෙසැම්බර් 27 වෙනිදට ඒ කියන්නේ අද දවසේදී අවුරුදු 17ක් පිරෙනවා. ඒ නිමිත්තෙන් අද ඉඳල දිගටම මේකට උපසිරැසි නිකුත් කරනවා.
ඒ අතරින් ප්‍රධාන සීරීස් හතර ගත්තොත්,
- Ben 10 Classic (2005 – 2008)
- Ben 10 Alien Force (2008 – 2010)
- Ben 10 Ultimate Alien (2010 – 2012)
- Ben 10 Omniverse (2012 – 2014)
මීට අමතරව 2016 සිට 2021 තෙක් විකාශනය වුණ තව සීරීස් එකකුත් තියෙනව. නමුත් ප්‍රධාන සීරීස් හතර තමයි උඩ තියෙන්නෙ. ලංකාවේ අපිත් උඩ තියෙන සීරීස් හතරම සිංහලෙන් හඬකවලා බලන්න තරම් වාසනාවන්ත වුණා. මුලින්ම 2012 වගේ කාලෙදි බෙන් 10ගෙ පොඩි කාලෙ සීරීස් එකෙන් පටන් අරන් හිතාගන්නවත් බැරි වුණ ජනප්‍රියත්වය නිසාම අනිත් සීරීස් 3ත් සිංහලයට හඬකැවුණා. ඒ දවස්වල තිබුණ බෙන් 10 රැල්ල ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
ඒත් විකාශන අයිතියේ ගැටලු නිසා ඒ කාලෙන් පස්සෙ අපිට ලංකාවේ ටීවී චැනල් එකකින් තවමත් බලන්න ලැබුණෙ නෑ.
කොහොමහරි අද හා හා පුරා කියලා අරන් එන්න හදන්නෙ Ben 10 classic series එක. ඉතින් පළවෙනි කොටසින් බලාගන්න පුළුවන් වෙන්නෙ බෙන් ටෙනිසන්ට බල ඔරලෝසුව මුණ ගැහෙන විදිහ. මේ හැමදේම පටන් ගන්නෙ අභ්‍යාවකාශයේ ඇති වෙන සටනකින්. බල ඔරලෝසුවේ අයිතිකාරයන් හා විල්ගැක්ස් එහෙමත් නැත්තන් බෙන් 10 සීරීස් එකේ ප්‍රධාන දුෂ්ඨයා අතරයි. විල්ගැක්ස්ට අවශ්‍ය බල ඔරලෝසුව තමන්ගෙ කරගෙන විශ්වයේම පාලකයා වෙන්නයි. ඉතින් ඔන්න ඔය සටන අතරතුර චන්ද්‍රිකාවක බහාලපු බල ඔරලෝසුව පෘථිවියට මුදා හැරෙනවා. ඊටපස්සෙ තමයි බෙන්ට මුණ ගැහෙන්නෙ. ඊටපස්සෙ වෙන දේවල් මම කියන්න යන්නෙ නෑ.
