Fearless (2020) සුපිරි වීඩියෝ ගේම් එක |Sinhala Dubbed - [ සිංහල හඩකැවූ ]
සුභ දවසක් වේවා හැමදෙනාටම !Netflix ආයතනයෙන් මේ වසරෙ නිකුත් කරපු ඇනිම්මේශන් චිත්රපටියක් තමයි අරන් ආවෙ.මේක රිලීස් කරලා තියෙන්නෙ අගෝස්තු 14 වෙනිදා.Animation / Comedy / Family / Sci-Fi ඝනයට තමයි අයත් වෙන්නෙ.මේක අධ්යක්ෂණය කරලා තියෙන්නෙ Cory Edwards.John H. Williams තමයි නිශ්පාදනය කරලා තියෙන්නෙ.මේ ෆිල්ම් එකට IMDb 4.8ක අගයක් ලැබිලා තියෙනවා.Yara Shahidi,Miles Robbins,Miguel,Jadakiss ආදි හඩ නළුවන් මේ ෆිල්ම් එකෙ හඩකැවීම් කරලා තියෙනවා.චිත්රපටිය පැයකුත් විනාඩි 29ක කාලයක් දිවයනවා..
කතාව ගැන කිව්වොත් රීඩ් කියන්නෙ Fe@rLeSS කියන පරිශීලක නමින් වීඩියෝ ගේම් ගහන තරුණයෙක්.ඉතින් එයා ප්ලැනට් මාස්ටර් කියන ගේම් එකේ අන්තිම මට්ටම සෙල්ලම් කරන්නෙ.ඒ ක්රීඩාවෙ ප්රධාන චරිතෙ කැප්ටන් ලයිට්ස්පිඩ්.ඉතින් ගේම් එකේ ප්රතිවාදියා Dr.ආකේනස් කැප්ටන්යි ලට්ස්පීඩ්ගෙ බබාලා තුන්දෙනාව හොරකම් කරලා එයාලගෙ බලයන් ගන්න උත්සහ කරනවා.කොහොම හරි ඒ බබාල එයාලගෙ බලය භාවිතා කරන්න ගිහින් වැරදීමකින් ගේම් එකෙන් ඇත්ත පෘථිවියට එනවා. ඒ එන්නෙත් රීඩ්ගෙ ගෙදරට.ඉතින් ගේම් ගහමින් හිටපු රීඩ්ටයි එයාගෙ යාළුවා මෙලනිටයි Dr.ආකේනස්ගෙන් බබාලව බේරගන්න පුලුවන්ද කියලා කතාව බලලම දැනගන්න.ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නෙ.
