Sherlock Holmes: A Game of Shadows (2011) | සෙවණැලි සමග සෙල්ලම් -Sinhala dubbed [සිංහල හඩකැවූ]

මේ චිත්රපටයේ ප්රධාන චරිතය වන “ෂර්ලොක් හෝම්ස්ගේ” චරිතයට සුප්රකට නළු “Robert Downey Jr.” (Iron Man, Due Date, Tropic Thunder) විසින් පණපොවන අතර “ශර්ලොක් හෝම්ස්” ගේ සහායක වන “දොස්තර වොට්සන්” ගේ චරිතයට සුප්රකට ඉංග්රීසි නළු “Jude Law” (Rise Of The Guardians) විසින් පණපොවනු ලබයි. “ෂර්ලොක් හෝම්ස්” ගේ පරම සතුරා වන “මහාචාර්ය මොරියාටි” ගේ චරිතයට ඉංග්රීසි නළු “Jared Harris” විසින් පණපොවනු ලබයි. චිත්රපටයේ තිර පිටපතට අනුව නිර්මාණය වූ “සිම්සා නෝනා” ගේ චරිතය සුප්රකට ස්වීඩන් නිළි “Noomi Rapace” (Prometheus, The Girl With The Dragon Tattoo) විසින් නිරූපණය කරනු ලබයි. චිත්රපටය ගැන කියනවා නම් “ෂර්ලොක් හෝම්ස්” කතා මාලාවේ එන චරිත කිහිපයක් පමණ, අපිට මේ චිත්රපටය තුළින් බලාගන්න පුළුවන්.ව කථාවේ අරමුණු ඉෂ්ඨ කරගන්න මනඃකල්පිත චරිතත්, නිර්මාණය කරලා තියෙනවා. චිත්රපටයේ කථාව ගැන මම පොඩ්ඩක් කිව්වත් අගය නැති වෙන නිසා මම ඒ ගැන කියන්නේ නෑ. නමුත්, “ෂර්ලොක් හෝම්ස්” සියලු ම කථා මාලා වලින් චිත්රපටයට යොදන්න උවමනා පොඩි කොටස් විතරක් අරගෙන අළුත්ම විදිහේ කථාවක් හදලා තියෙනවා. ඒ නිසා චිත්රපටය වෙනස් ම විදිහේ කථාවකින් යුක්ත එකක්. ඒ නිසා ම වෙන්න ඇති, IMDB Ratings වල 7.4/10 තරම් අගයක් ලබා ගැනීමට මේ චිත්රපටය සමත් වෙලා තියෙන්නේ. මම චිත්රපටයේ සමහර ප්රංශ, ජර්මන් භාෂා දෙබස් වලට මගේ උවමනවට උපසිරැසි යෙදුවා. නමුත් කථාව අනුව, නොගැළපෙනවා කියලා හිතුණ නිසා සමහර ඒවා අයින් කළා. ඒ වගේ ම මේකෙදි දෙබසේ ‘පරිවර්තනය’ ට වඩා ‘අර්ථය’ ඉස්මතු වෙන්නයි මම උපසිරැසි යෙදුවේ. එතකොට කථාව තේරුම් ගන්න ලේසියිනේ. ඒ නිසා මේක බලන්න ම වටිනවා
📥 DOWNLOAD LINKS
⬇️ Download 720p🕵️♂️ UPLOADED BY NADEEN POORNA