The Son of Bigfoot (2017) Sinhala dubbed | බිග්ෆුට්ගේ පුතණුවන්..! [චිත්‍රපටය සිංහල හඩකැවූ]

මේ චිත්‍රපටය ගැන කියනවානම් මේක සජීවීකරණ ගණයට අයත් වන චිත්‍රපටයක්. නමුත් මේ චිත්‍රපටය දැනට නිකුත් වෙලා මාස කිහිපයක් ගත වෙලා. මේ ළඟදී තමා මං මේ චිත්‍රපටය බැලුවේ. ඉතින් මේ චිත්‍රපටය බැලුවයින් පස්සේ මට හිතුනා මේ චිත්‍රපටයට උපසිරැසි කළොත් හොඳයි කියලා. ඒ නිසාමයි උපසිරැසි කළේ. දැනට නම් මේක හුඟක් දෙනෙක් බලලා ඇති. නමුත් බලපු නැති කෙනෙක් ඉන්නවනම්, අරගෙන බලන්න. ඉතින් 2017 වර්ෂයේ නිකුත් වුණ මේ චිත්‍රපටය නමින් - The Son Of Bigfoot - IMDb දර්ශකයේ 6.2 ක අගයක් ලබාගන්න සමත් වුණ මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1යි මිනි. 32ක් ලෙස තමා සඳහන් වෙන්නේ. ඒවගේම Google පරිශීලකයන්ගෙන් 89%ක් මේ චිත්‍රපටයට කැමතියි. Comedy, Family, Fantasy කියන අනෙකුත් ගණයන් වලට අයත් වන මේ චිත්‍රපටය වෙනස්ම ආකාරයේ කතා තේමාවක් පදනම් කරගෙන තමා නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් චිත්‍රපටයේ කතාව පැත්තට හැරෙමු. මේකයි කතාව. හැරිසන් කියන්නේ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඉතින් අසාමාන්‍ය ජාන විකෘතී තත්ත්වයක් නිසා මහාචාර්ය හැරිසන්ට ශිලා යුගයේ මානවයකුගේ ලක්ෂණ ඇති වෙනවා. මේ නිසා අසාමාන්‍ය විදිහට හිසකෙස්, ලොම් වැවෙන්න ගන්නවා. ඉතින් මේ ගැන ඔහු පරීක්ෂණ පවත්තනකොට ඔහු වැඩ කරන විද්‍යාගාරයේ අනෙකුත් විශේෂඥයින්ට මේ ගැන ආරංචි වෙනවා. ඉතින් ඔවුන් හදන්නේ මොහුගේ මේ අසාමාන්‍ය ජාන පිහිටීම ඔවුන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා යොදාගන්න. මේක ප්‍රතිකේෂ්ප කරපු හැරිසන් පලා යනවා. නමුත් හැරිසන් තාත්තා කෙනෙක්. ඔහුට බිරිඳක් වගේම පුතෙකුත් ඉන්නවා. පුතා නමින් ඇඩම්. ඉතින් ඇඩම් පොඩි නිසා මේ කාරණය හැරිසන් බිරිඳත් සමඟ විතරයි තියාගත්තේ. ඉතින් අවුරුදු 12කට පසු ඇඩම්ටත් ඔහුගේ තාත්තගේ තිබුණ ජානමය විකෘති ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ හටගත් විකෘති ලක්ෂණ නිසා මහාචාර්ය හැරිසන්ව හැඳින්වූයේ "බිග්ෆූට්" නමිනුයි. නමුත් හැරිසන් මේ කිසිදෙයක් දන්නේ නෑ. ඉතින් ඉදිරියේදී හැරිසන් කොහොමද මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ, ඒවගේම ඔහුගේ තාත්තට කුමක්ද වුණේ? හැරිසන් ප්‍රශ්න ගොඩකට මුහුණ පානවා. හැරිසන්ට මේ හැමදේකටම පිළිතුරු ලැබෙයිද? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය බලන්න වෙනවා.
📥 DOWNLOAD LINKS
⬇️ Download 1080p🕵️♂️ UPLOADED BY NADEEN POORNA