Angry Birds (2016) Sinhala Dubbed | බිත්තර බේරා ගැනීමේ මහා සටන [සිංහල හඩකැවූ]
ඔන්න ඉතින් පියාඹන්න බැරි කුරුළු ප්රජාවක් ඉන්නවා එක්තරා දූපතක. එක එක හැකියාවන් තියෙන කුරුල්ලො තමා ඉතින් මෙයාල. ගේම් එක ගහපු අය දන්නවා ඇතිනෙ ඉතින් අර අමුතු සද්ද දාගෙන ගිහින් ප්රහාර එල්ල කරන්නෙ නෙහ්. ගේම් එක ගහලා නැති අය මේක බලනකොට බලන්නකො. ඉතින් රෙඩ් මේ අතරින් එක විශේෂ කුරුල්ලෙක්. විශේෂත්වේ කියන්නෙ පොඩ්ඩ ඇත්නම් මෙයාට කේන්ති යනවා. ඉතින් මෙහෙම තරහ ගිහින් වෙන සිදුවීමක් නිසා මෙයාව නඩුකාරතුමා යවනවා මැටිල්ඩාගෙ කේන්තිය පාලනය කරන පංතියට කේන්තිය පාලනය කරන්න ඉගෙනගන්න. මෙතනදි ගමෙන් වෙන්වෙලා ඉන්න මෙයාට යාළුවො දෙන්නෙක් හම්බෙනවා. එක්කෙනෙක් තමා හැකර කටක් තියෙන ෆ්ලෑෂ්, ක්වික්සිල්වර්, සූම්, රිවර්ස් ෆ්ලෑෂ්, කිඩ් ෆ්ලෑෂ්, වගේ වේගෙන් යන චක්. මේ චක්ගෙ එක්ස් මෙන් ක්වික්සිල්වර් දර්ශන කීපයක්ම ඔයාලට බලාගන්න පුළුවන් ෆිල්ම් එක බලද්දි. හෙ හේ… අනිත් කෙනා තමා කළු තඩියා බෝම්බ්. හිත කළබල උනොත් බූම් තමා.
ඇත්තටම තුනේ කල්ලි නම් පට්ටයි. හෙ හේ…
කොහොම හරි ඉතින් මේ තුන්දෙනා පන්තියෙදි හම්බුණාට රෙඩ් වැඩි කැමැත්තක් නෑ මේ දෙන්නා එක්ක කාලෙ ගත කරන්න. කොහොම හරි ඔය අතරෙ මේ දූපතට අළුත් කට්ටියක් එනවා. ඒ තමා ඌරු දූපතේ ඉඳලා එන ඌරො. මේ කුරුළු දූපතේ ඉන්න මේ පියාඹන්න බැරි කුරුල්ලො හිතාගෙන ඉන්නෙ එයාලා විතරයි මේ ලෝකෙ ඉන්නෙ කියලා. ඉතින් මේ ඌරො ආවම එයාලා හරිම උණුසුම් විදිහට ඌරන්ව පිළිගන්නවා. ඒත් මේ ඌරො එන්නෙ හොඳ චේතනාවකින් නම් නෙවෙයි. මොකාටද මේ ඌරො ටික එන්න හදන්නෙ???
