Raya And The Last Dragon (2021) Sinhala Dubbed රියා සහ මකරා (සිංහල හඩකැවූ)
ගොඩක් අය එනකං බලන් හිටිය මාර්තු 5 Disney+ හරහා නිකුත් වුන අලුත්ම ඇනිමේෂන් චිත්‍රපටය වන Raya And The Last Dragon (2021) අරගෙන තමා අද අපි ආවෙ. Carlos López Estrada, Don Hall විසින් අධ්‍යක්ෂනය කල මෙහි තිර රචනය Adele Lim, Qui Nguyen අනිතුයි සිද්ධ වෙන්නෙ. IMDb හි 7.9ක අගයක් සහ ගූගල් මනාප 73% ක් ලබාගන්න සමත් වෙන මෙහි හඬ දායකත්වයෙන් සහභාගි වන්නේ Kelly Marie Tran, Awkwafina, Gema Chan යන අය ඇතුළු පිරිසයි.
කතාව ගැන කියනව නම් කුමාන්ද්‍රා කියලා දේශයක් තියනවා. වසර 500කට කලින් වන සිද්ධියක් නිසා මේක කොටස් 5කට බෙදෙනවා. ඒවට ආවේනික ගෝත්‍ර පහකුත් වෙනවා. වසර 500ට කලින් මේ මුළු දේශයම ආරක්ෂා කරන්න මකරු ඉන්නවා. ඒත් අර සිද්ධිය නිසා මකරු සහ බොහෝ මිනිස්සු ගල් වෙනවා. ඉතිං එක ගෝත්‍රයක්වන හාට් අයගෙ ප්‍රධානියගෙ දුව තමයි රායා කියන්නෙ. හාට් අය ගාව තියනවා මකර මාණික්‍ය කියලා එකක්. ඒකෙන් වාසනාව ගේනවා කියලයි අනිත් ගෝත්‍ර හිතන් ඉන්නෙ. රායාගෙ තාත්තා කියන්නෙ මකරු නැතත් මිනිස්සුන්ට ආයෙ සමඟිවෙන්න පුළුවන් කියලා. ඉතිං මෙයාලා හැම ගෝත්‍රයකින්ම කට්ටිය ගෙන්නලා උත්සවයක් තියනවා. ඒකෙදි කවුරුත් නොහිතන දෙයක් වෙනවා. ඒ මකර මැනික කැබලි 5කට කැඩෙනවා. හැම ගෝත්‍රයකින්ම කෑල්ල ගානෙ අරන් පැනලා යනවා. මේකෙදි ඩෲන් කියන මිනිස්සු ගල් කරන දේ ආයෙ අවදි වෙනවා. ඉතින් රායාගෙ තාත්තත් මෙතනදි ගල් වෙනවා. මේකෙන් තමා කතාව පටන් ගන්නෙ. රායා අවසන් මකරාව හොයාගෙන ලෝකෙ බේරගන්න හැටි දැනගන්න ඔයාලටම බාරයි. මේ ගමනෙදි මෙයාලට කාව හම්බෙයිද? මොන වගේ සිදුවීම්වලට මුහුණ දෙබ්න්න වෙයිද කියලා දැනගන්න අරගෙන බලන්න එහෙනම්. විශ්වාසයට ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන් : )
