Spider-Man: Across the Spider-Verse (2023) ස්පයිඩර්-මෑන් වෙනව කියන්නේ කැපකිරීමක්! - Sinhala Dubbed [ සිංහල හඩකැවූ ] - dinkamovieslk
2018 කියන්නේ සෝනිලට කාලෙකට පස්සෙ CBM වලින් සාර්ථක අවුරුද්දක්. ඇන්ටි-විලන් කෙනෙක් විදියට රිදී තිරයට ගෙනාපු Venom ගේ සෝලෝ මූවි එක සාර්තක උනා. හැබැයි ඒකටත් වඩා ලෝකයම කතාබහ කරේ සෝනිලගෙම තවත් මූවි එකක් ගැන. ඒ තමයි Spider-Man: Into the Spider-Verse මූවි එක.
අවුරුදු ගානක් ෆිල්ම්/සීරිස් වලින් දැකගන්න ලැබුනු පීටර් පාකර් ගේ ස්පයිඩර්මෑන් වෙනුවට පලවෙනි පාරට තමයි කොමික් වල අපිට හමුවුනු තවත් ස්පයිඩර්මෑන් කෙනෙක්ට ෆිල්ම් එකක් ලැබුනේ. ඒ තමයි මයිල්ස් මොරාලස් ස්පයිඩර්මෑන්. මයිල්ස් කියන්නේ මාර්වල් මල්ටිවර්ස් එකේ Earth-1610 ස්පයිඩර්මෑන්. Earth-1610 එකටම තමයි අල්ටිමේට් මාර්වල් යුනිවර්ස් කියලත් කියන්නෙ. 1610 හිටපු පීටර් පාකර් මැරුනට පස්සෙ තමයි මයිල්ස් එයාගේ තැන අරන් ස්පයිඩර්මෑන් විදියට වැඩ කරන්නේ.
පොඩ්ඩක් බලමු මයිල්ස් ගැන.
මයිල්ස් මොරාලෙස් ඉපදෙන්නේ පොලිස් නිලධාරියෙක් වෙච්ච ජෙෆර්සන් ඩේවිස් සහ නර්ස් කෙනෙක් වෙච්ච රියෝ මොරාලෙස්ට දාවයි. මෙයාලා ජීවත් උනේ බෘක්ලීන් වල. ඒ වලේම මයිල්ස් කියන්නේ අප්රිකානු-ඇමරිකන් ජාතිකයෙක්.
ඒ යුනිවර්ස් එකෙත් ග්රීන් ගොබ්ලින් වෙච්ච Norman Osborn ව S.H.I.E.L.D විසින් අත්අඩංගුවට අරන් ප්රසිද්ධියේ හෙළිදරව් කරාට පස්සෙ මයිල්ස්ගේ මාමා වෙච්ච ආරොන් ඩේවිස් අත්හැර දාපු ඔස්බෝන් කර්මාන්තශාලාවකට කඩා පැනල Oz Formula හොරකම් කරා. හැබැයි ඒත් එක්ක ජානමය වශයෙන් වැඩිදියුණු කළ මකුළුවෙක් එයාගේ බෑග් එකට රිංගුවා.
අම්මලට හොරෙන් මාමව බලන්න ගියපු මයිල්ස්ව මාමාගේ මහල් නිවාසයේදී අර බෑග් එකේ හිටපු මකුලුවා දශ්ට කරනවා. මයිල්ස් එයාට නොපෙනී යාම, වේගවත් කඩිසරකමක් ලැබීම, ඇඟිලි වලින් බයෝ ඉලෙක්ට්ර්ක් පිටකරන්න හැකි වීම සහ දෙයක් වෙන්න කලින් දැනීම (ස්පයිඩර් සෙන්ස්) වගේ දේවල් පුලුවන් කියල දැනගන්නවා. එයාගේ හොඳම යාලුවා වෙච්ච Ganke Lee පෙන්නලා දුන්නෙ මයිල්ස්ට බිත්ති දිගේත් යන්න පුලුවන් වගේ ස්පයිඩර්මෑන්ට තියෙන බලයන් ලැබිලා තියෙනවා කියල.
හැබැයි මයිල්ස්ට වීරයෙක් වෙන්න ඕනි උනේ නැති නිසා එයා වීරයෙක් වෙන එක ඒ වෙද්දි හිටපු ස්පයිඩර්මෑන්ටම බාර දීලා ඉන්නවා. මාස කිහිපයකට පස්සෙ ස්පයිඩර් මෑන් මැරෙනවා. ඒ ඔස්බෝර්න් ගෙන් ඔහුගේ පවුල බේරා ගැනීම සඳහා. මේ සිද්දිය වෙන තැනට මයිල්ස්ට යන්න පරක්කු උන නිසා එයා තමන්ටම දොස් කියාගන්නවා. ඒ නිසා එයා තීරණය කරනවා පීටර් පාකර්ගේ ස්පයිඩර්මෑන් ලෙගසි එක ඉදිරියට අරන් යන්න.
