The Secret Life of Pets (2016) With Sinhala Dubbed | මිතුරුකම [සිංහල හඩකැවූ] - dinkamovieslk
මේ අවුරුද්ද ඇනිමේෂන් ෆිල්ම් වලට විශේෂ අවුරුද්දක්.කවුරු කවුරුත් මග බලාන හිටිය විශේශ පිල්ම් ගොඩාරියක් මේ අවූරුද්දේ ආවා. සූටෝපියාගෙන් පටන් අරන් ඇන්ග්රි බර්ඩ්ස්, ෆයින්ඩින්ග් ඩෝරි, අයිස් ඒජ් 5 වගේම ඔන්න මේක සීක්රට් ලයිෆ් ඔෆ් පෙට්ස්. මේක හදල තියන්නෙත් මිනියන්ස් හදපු අයමයි.මේකටත් IMDB එක 6.8ක් වගේ හොඳ අගයක් අරන් තියනවා.2016 ජූනි 8 release කරපු මේ ඇනිමේෂන් එකෙන් මේ වෙද්දී ඇමරිකානු ඩොලර් මිලියන 724.9ක ආදායමක් උපයාගෙන තියනවා ඇනිමේෂන් වලින් එනකන් බලන් හිටපු හා ආසාවෙන් බලපු ඇනිමේෂන් එකක් තමයි මේක.
කේටි කියන්නේ නිව්යෝර්ක් වල තනියෙන් ජීවත් වෙන කෙල්ලෙක්.තනියෙන් කිව්වට එයාට ලස්සන බල්ලෙකුත් ඉන්නවා. ඒ තමයි මැක්ස්. මැක්ස්ගේ මුළු ලෝකෙම කේටි. කේටිත් මැක්ස්ට ගොඩක් ආදරෙයි. මෙහෙම ඉද්දි මේ දෙන්න අතරට තව කෙනෙක් එනවා. ඒ තමයි ඩූක්.ඇත්තටම කේටි තමයි එයාව එක්කගන එන්නේ. බලුකොටුවේ හිරකරගෙන ඉන්නවා දැකලා.ආයේ අහන්න දෙයක් නෑනේ ආදරේ බෙදෙනවානේ.මැක්ස්ට මේක කටු අනින්නා වගේ. ඩූක් මැක්ස් දෙන්නා එකිනෙකා තරහයි.ඔහොම ඉද්දි මැක්ස්ගෙයි ඩූක්ගෙයි වෛරයේ පලිගැනීමක් නිසා ඒ දෙන්නටම ගෙදර මග ඇරෙනවා.එයාලව අතරමන් වෙනවා. ඔන්න ඔතනින් තමයි ඇත්තටම කතාව පටන්ගන්නේ.මෙයාලව පාතාලේකටත් අහුවෙනවා. පාතාලේ ලොක්කා බටු ඇටයක් තරම්වත් උස නැති හා පැටියෙක්
.එත් කතාවයි හැසිරීමයි සිංහයා වගේ.ආශ්රේ කරන්නෙත් එසේ මෙසේ අයව නෙවෙයි.එයා මිනිස්සුන්ට විරුද්ධව සටන්කරන කෙනෙක්.මිනිස්සුන්ගෙන් බැට කාපු සත්තු එකතුකරගෙනයි එයා පාතාලේ හදාගෙන තියන්නේ.ආයේ ඉතින් මෙච්චර කියලත් මේක බලනවද නැද්ද කියල හිත හිතනම් ඉන්නේ මඩු වලිගෙන් ගැහුවත් මදි :/ . අපි ගියා එහෙනම්.
Sinhala dubbed,dinkamovieslk,sinhala movies,කාටූන්,dinka
📢 ADVERTISEMENTS
Explore by Category
