Avengers Infinity way (2018) අවසාන සටනට පෙර - [සිංහල හඩකැවූ] Sinhala Dubbed
මෙම චිත්‍රපටය ගැන ඇත්තටම කියන්න දෙයක් නැති තරමට බොහෝ දෙනා හොඳින්ම ඒ ගැන දන්නවා. Iron Man (2008) චිත්‍රපටයෙන් ආරම්භ වුණු MCU නැතහොත් Marvel Cinematic Universe හි දැනට නිර්මාණයවුණු දැවැන්තම සිනමා නිර්මාණය තමයි මෙය. Iron Man (2008), The Incredible Hulk (2008),Iron Man 2 (2010),Thor (2011),Captain America: The First Avenger (2011),Marvel’s The Avengers (2012), Iron Man 3 (2013), Thor: The Dark World (2013), Captain America: The Winter Soldier (2014), Guardians of the Galaxy (2014),Avengers: Age of Ultron (2015), Ant-Man (2015), Captain America: Civil War (2016), Doctor Strange (2016), Guardians of the Galaxy Vol. 2 (2017),Spider-Man: Homecoming (2017), Thor: Ragnarok (2017), Black Panther (2018) යන චිත්‍රපට 18ක් කෙමින් කෙමින් ගලාගෙන ඇවිත් තමයි මෙම චිත්‍රපටය MCU වල දැවැන්තම නිර්මාණය විදියට මෙම අවුරුද්දේ එළිදැක් වුණේ . ඉතින් 100%ක් මේ චිත්‍රපටයෙ රසවින්දනය ලබාගන්න නම් කලින් කියපු චිත්‍රපට සියල්ල අනිවාරෙන්ම නරඹලා තියෙන්න ඕන. නැත්නම් ඒ සියල්ල නරඹපු කෙනෙක්ට හොඳටම හිනා යන, ලොකු අර්ථයක් තියන දෙබසක් ඒ චිත්‍රපට නරඹලා නැති කෙනෙක්ට නිකන්ම දෙබසක් විතරක් වෙනවා.
Anthony and Joe Russo විසින් අධ්‍යක්ෂණය කල සහ Christopher Markus and Stephen McFeely විසින් රචනා කල මෙම දැවැන්ත චිත්‍රපටය මෙතෙක් වැඩිම පිරිවැයක් දරා නිර්මාණය වුණු චිත්‍රපට
අතරින් එකක් බවට පත්වන්නේ ඩොලර් මිලියන 316–400 අතර වියදමක් දරා නිර්මාණය වීමෙන්.2018 අප්‍රේල් 23 සිට තිරගතවීම ආරම්භ කළ මෙම චිත්‍රපටය ඩොලර් බිලිනය 2ක ආදායම පසු කල 4වෙනි චිත්‍රපටය වුනා වගේම ඒ වාර්තාවට හිමිකම් කියපු ලොව ප්‍රථම superhero film එක බවට පත් වුණා. ඒ වගේම මෙහි දෙවැනි කොටස 2019 මැයි 3 තිරගත වීමට නියමිතයි. මෙතෙක් Avengers වරුන්ට මුහුණ දීමට සිදු වුණු බලවත්ම හතුරා වන Thanos පළමු වරට කෙළින්ම Avengers සමඟ ගැටෙන චිත්‍රපටය තමයි මෙය. ඉන් එහාට කතාව ගැන මොනවත්ම නොකියාම ඉන්නවා. BR පිටපතටම උපසිරසි ලැබෙන නිසා උපරිම රසවින්දනයක් ගන්න හැමෝටම පුළුවන්වෙයි. මොකද එක්කෝ හෝල් එකක නැත්නම් අඩුම තරමෙ බ්ලූරේ පිටපතකින් නැරඹිය යුතුම චිත්‍රපටයක් වන නිසා. හැමෝටම සුභ දවසක් ප්‍රාර්තන කරනවා.
