The Black Stallion (1979) Sinhala Dubbed | සිංහල හඩකැවූ


The Black Stallion (1979) Sinhala Dubbed | සිංහල හඩකැවූ
Walter Farley ගෙ නවකතාවක් වන මෙය Adventure, Family, Sport කියන වර්ගීකරණයට අයත් වෙනවා. Carroll Ballard අධ්‍යක්ෂණයෙන්ද, Melissa Mathison, Jeanne Rosenberg සහ William D. Wittliff කතාව රචනයෙන්ද දායක වෙලා තියෙනවා. ඇලෙක්සැන්ඩර් රැම්සි ලෙස Kelly Reno ද හෙන්රි ඩේලි ලෙස Mickey Rooney ද ඇලෙක්ගේ මව ලෙස Teri Garr ද ඇලෙක්ගේ පියා ලෙස Hoyt Axton ද රංගනයෙන් දායක වෙලා තියෙනවා. කතාව පැත්තට හැරුණොත් මෙහෙමයි, ඇලෙක් රැම්සි කියන්නෙ සාමාන්‍ය ළමයෙක්. එයා එයාගෙ තාත්තා එක්ක නැවක සංචාරයක් යන අතරතුරේදී තමයි එයාගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂයක් සිද්ධ වෙන්නෙ. දවසක ඇලෙක්ට එක නැව් කුටියක ඉන්න කළු අශ්වයෙක්ව හමු වෙනවා. ඇලෙක් සමත් වෙනවා මේ අශ්වයගෙ හිත දිනාගන්න. මේ අශ්වයා නිකංම නිකං අශ්වයෙක් නෙමෙයි අරාබියේ අභිරහස් අශ්වයෙක්. මේ දේවල් හැම එකකින්ම පසුව නැවේ අනතුරක් වෙනවා. ඇලෙක්ගේ පියා මේ අනතුරින් මිය ගියත් ඔහු ගෙ ජීවිතය අශ්වයා නිසා බේරෙනවා. කොහොම නමුත් පසුව හොඳම යාළුවො වන මොවුන් ඇලෙක්ට බ්ලැක්වත් බ්ලැක් ඇලෙක්වත් නැතිව බැරි තත්වයක් උදා වෙනවා. පසුව බ්ලැක් අතුරුදහන් වෙනවා. ඉතින් බ්ලැක්ව හොයාගන්න පුළුවන් වෙයිද කියල බලන්නකො! ඇලෙක් හොයාගෙන යද්දි හෙන්රි ඩේලි කියන හිටපු රේස් පුහුණුකරුවෙක්ව හමුවෙනවා. ඇලෙක්ගෙ හිතෙත් අශ්ව රේස් එකක් යන්න ආශාවක් තියෙනවා. ඒ ලෝකෙ වේගවත්ම අශ්වයන් එක්ක. හැබැයි ඔහුගෙ මවනම් එයට විරුද්ධයි. ඉතින් ඒ හීනේත් සැබෑ වෙයිද? කතාව මොන විදිහට සිද්ධ වෙයිද? කියලා කතාව අරගෙනම බලන්නකෝ…
WATCH TRAILER



